මලයාසියා හිටපු අගමැති අත්අඩංගුවට

මලයාසියා හිටපු අගමැති අත්අඩංගුවට

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් මලයාසියානු හිටපු අග්‍රාමාත්‍ය Muhyiddin Yassin අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2020 වසරේ සිට 2021 වසර දක්වා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව අධිචෝදනා ලබන එරට දෙවන නායකයා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බලය අයුතු ලෙස පරිහරණය කිරීම සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා කිහිපයක් එල්ල වී ඇති බව ජාතික දූෂණ ඒජන්සිය දැනුම් දුන් අතර නිල වශයෙන් එම චෝදනා මලයාසියානු අධිකරණය හමුවේ ගොනු කිරීමට නියමිතයි.

Share This