මලාවි උප ජනපති මරුට – ගමන් කළ යානය වනාන්තර ප්‍රදේශයකින් සොයාගැනේ

මලාවි උප ජනපති මරුට – ගමන් කළ යානය වනාන්තර ප්‍රදේශයකින් සොයාගැනේ

ගුවන් අනතුරකින් මලාවි උප ජනාධිපති Saulos Chilima සහ තවත් 9 දෙනෙකු මියගොස් ඇති බව එරට හමුදාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔවුන් ගමන් ගත් ගුවන් යානය අතුරුදන් වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අතර යානය සොයා එරට බලධාරීන් විසින් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබුණා.

ඒ අනුව මලාවි උප ජනාධිපතිවරයා ඇතුළු පිරිස ගමන් කළ ගුවන් යානය වනාන්තර ප්‍රදේශයක තිබී සොයාගෙන තිබෙනවා.

එරට හමුදාව නිවේදනය කරන්නේ අදාළ යානයේ ගමන් කළ උප ජනාධිපතිවරයා ඇතුළු සියලු දෙනා මියගොස් ඇති බවයි.

Saulos Chilima වසර 10ක කාලයක් මලාවි උප ජනාධිපති ධුරයේ කටයුතු කළා.

Share This