
මවක් සිය දැරිය ළිඳට දමයි
රුවන්වැල්ල, යටියන්තොට ප්‍රදේශයේ දී මිය ගිය සිව් හැවිරිදි දැරිය ඇයගේ මව විසින් ළිඳට දමා ඝාතනය කර ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.
ඊයේ (17) එම දැරිය පදිංචි ප්‍රදේශයේ ළිඳකට වැටී මිය ගොස් ඇති බවට පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනයේදීයි මේ බව අනාවරණය වී ඇත්තේ
පසුගිය 16 වනදා රාත්‍රී 11ත් පසුදින අලුයම 5.30ත් අතර කාලයේ මෙය සිදුව ඇති බව සඳහන්
මියගිය දැරියගේ මව ගොළු කාන්තාවක් වන අතර, ඇය අසනීප තත්ත්වයෙන් පසුවූ බැවින් කරවනැල්ල රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ