
මහනුවර සිට ඇල්ල දක්වා අද සිට විශේෂ දුම්රිය සේවයක්
මහනුවර සිට ඇල්ල දක්වා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදුන් නව විශේෂ දුම්රිය අද (01) මහනුවර දුම්රිය ස්ථානයෙන් සිය මංගල ගමන ආරම්භ කර තිබෙනවා.
එම දුම්රිය සෑම සති අන්තයකම සෙනසුරාදා හා ඉරිදා දිනවල ගමනාගමනයට යොදා ඇති අතර එම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 09.45 පිටත්ව පස්වරු 05.22 ට දෙමෝදර දුම්රිය ස්ථානය වෙත ලගාවීමට නියමිතයි.
එමෙන්ම එම දුම්රිය දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පස්වරු පස්වරු 06.00 නැවත මහනුවර බලා පිටත් වීමට නියමිතව තිබෙනවා.
මෙම දුම්රියේ පළමු පන්තියේ වෙන්කළ ආසන 176 ක් ද, දෙවන පංත්යේ වෙන්කළ ආසන 176 ක් ද, තෙවන පංතියේ වෙන්කළ ආසන 44 ලෙස ආසන 396ක් ඇති බව සඳහන්.
පළමු, දෙවන, සහ තෙවන පන්තිවල ගාස්තු පිළිවෙළින් රුපියල් 7000/=, 6000/= 5000/= ලෙස දක්වා තිබෙනවා.
මෙම දුම්රිය පේරාදෙණිය, නාවලපිටිය, හැටන්, ග්‍රේට්වෙස්ටර්න්, නානුඔය, පට්ටිපොළ, ඔහිය, ඉදල්ගස්සින්න, හපුතලේ, සහ බණ්ඩාරවෙල ,ඇල්ල යන දුම්රිය ස්ථානවල පමණක් සහ ආරැක්කු නවය පාලමේ මිනිත්තු 10 පමණ නවත්වා ධාවනය කරනු ඇති බවයි වාර්තා වන්නේ.
මීට අමතරව තෝරාගත් නැරඹුම් ස්ථානවල දුම්රිය සෙමින් ධාවනයේ යෙදෙන බව සඳහන්.