මහරගම සූසාන භූමියේ තිබූ දැන්වීම අනතුරු ඇඟවීමක්ද?

මහරගම සූසාන භූමියේ තිබූ දැන්වීම අනතුරු ඇඟවීමක්ද?

අතුරුගිරිය නගරයේ ටැටූ ආයතනයක විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වී සිටියදී පසුගිය 08 වැනිදා වෙඩිවැදී මිය ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුවුණා

මේ සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබුණේ ක්ලබ් වසන්තගේ දේහය තැන්පත් කර තිබූ මල් ශාලාවේ හිමිකරුට ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුමක් හේතුවෙනුයි

මේ අතර ඔහු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම මිය ගිය මාකඳුරේ මධුෂ්ගේ නම කියැවුණු අතර ඔවුන් අතර පැවති ආරවුලකට පළිගැනීමක් ලෙස මෙරටින් පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් විසින් සැලසුම් සහගතව සිදු කරන ලද ඝාතනයක් බවටයි මේවන විට පොලිසිය සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වෙමින් ඇතැයි වාර්තා වන්නේ

එමෙන්ම මාකඳුරේ මදූෂ්ගේ දේහය භූමදානය කර ඇති මහරගම පොදු සුසාන භූමියේ වැටෙහි ඔහුගේ ඡායාරූපයක් සහිතව මුද්‍රණය කරන ලද දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබුණා

”අපේ අයියේ… එක එක්කෙනා එවනවා අපි එනකන් බලාගන්න..” ලෙසයි එහි සටහනක් තබා තිබුණේ

එම දැන්වීමට පහතින් K .P. I ලෙස අකුරු 3ක් ද මුද්‍රණය කර තිබුණා

කෙසේ වෙතත් ක්ලබ් වසන්තට වෙඩි තැබූ ස්ථානයේ තිබී හමු වූ උණ්ඩවල ද K .P. I ලෙස එම අකුරු 3ම සටහන් කර තිබුණා

මේ අතර ක්ලබ් වසන්තට වෙඩි තැබූ වෙඩික්කරුවන් මෙරටින් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ

Share This