මහාචාර්ය පූජ්‍ය මැදගොඩ හිමි රණවිරුවන් වෙනුවෙන් නැගිටියි

මහාචාර්ය පූජ්‍ය මැදගොඩ හිමි රණවිරුවන් වෙනුවෙන් නැගිටියි

දෙස් විදෙස් බෙදුම්වාදී බලවේගවල මගපෙන්වීම මත ක්‍රියාත්මක න්‍යාය පත්‍ර ඔස්සේ මෙරට ආරක්ෂක හමුදා නිලධාරීන්ට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල කිරීමේ ක්‍රියාන්විතයක් ක්‍රියාත්මක බව ඒකීය රාජ්‍ය හා රණවිරුවන් සුරැකීමේ සංවිධාන එකමුතුවේ අනුශාසක මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.

ඒ පිළිබඳව අස්ගිරි මහ නාහිමියන් දැනුවත් කර සංදේශයක් භාරදීමේ අවස්ථාවට එක් වෙමින් උන්වහන්සේ ඒ බව අවධාරණය කළා.

මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රමුඛ ඒකීය රාජ්‍ය සහ රණවිරුවන් සුරැකීමේ සංවිධාන එකමුතුවේ නියෝජිතයන් පිරිසක් අද මහනුවර අස්ගිරි විහාරයට පැමිණියා.

ඒ මෙරට රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා හා ජන සංහාර චෝදනා එල්ල කිරීම මෙන්ම දඬුවම් කිරීම සඳහා නීති පැනවීමට එරෙහි වන ලෙස ඉල්ලා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමිපාණන් වහන්සේ වෙත සංදේශයක් ලබා දීම සඳහායි.

Share This