මහාචාර්ය මලික් පීරිස්ට චීන රජයේ අනාගත විද්‍යා ත්‍යාගය පිරිනැමීමට හේතුව

මහාචාර්ය මලික් පීරිස්ට චීන රජයේ අනාගත විද්‍යා ත්‍යාගය පිරිනැමීමට හේතුව

චීන රජයේ 2021 වසර සඳහා වන අනාගත විද්‍යා ත්‍යාගය මහාචාර්ය මලික් පීරිස් මහතාට හිමිව තිබෙනවා .

සාර්ස් සහ මර්ස් වෛරස සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණ හේතුවෙන් ඔහුට මෙම ත්‍යාගය හිමිව ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කරනවා

මහාචාර්ය මලික් පීරිස් මහතාට අමතරව චීන ජාතික මහාචාර්යවරයකු වූ යූන් ක්වොක් යුන්ග් මහතාටද මේ වසර සඳහා වූ අදාළ ත්‍යාගය පිරිනමා තිබෙනවා

ඒ අනුව මහාචාර්ය මලික් පීරිස් මහතාට ඇමෙරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් හිමිවූ බව චීන තානාපති කාර්යාලය සදහන් කරනවා.

2003 වර්ෂයේ දී සාර්ස් සහ මර්ස් යන වෛරසයන් පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ මඟින් හඳුනාගැනීම හේතුවෙන් එම ත්‍යාගය පිරිනමා ඇති අතර මෙය චීන නොබෙල් ත්‍යාගය ලෙසයි සලකනු ලබන්නේ

මහාචාර්ය මලික් පීරිස් මහතා හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ මහාචාර්යවරයකු වන අතර යූන් ක්වොක් යුන්ග් මහතා එම විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර ජීවි විද්‍යා අංශයේ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරනු ලබනවා

2016 වර්ෂයේ සිට චීනය විසින් කීර්තිමත් විද්‍යාඥයින් සඳහා විද්‍යාත්මක සොයාගැනීම් වෙනුවෙන් සහ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය වෙනුවෙන් “අනාගත විද්‍යා ත්‍යාගය” පිරිනමන බවයි ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කර තිබෙන්නේ

2003 වසරේදී ලොව පුරා පැතිරී ගිය සාර්ස් රෝගය, එහි රෝග නිර්ණය හා රෝග කාරකය සඳහා නව කොරෝනා වෛරසය හේතු වූ බව සොයා ගැනීමේදී මහාචාර්ය පීරිස් මහතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

Share This