මහාචාර්‍ය මාලනී ඇඳගමගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

මහාචාර්‍ය මාලනී ඇඳගමගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

ප්‍රවීණ ඉතිහාසඥවරියක ගත්කතුවරියක වූ මහාචාර්‍ය මාලනී ඇඳගම මහත්මිය ඉකුත් 30 වනදා අභාවප්‍රාප්තවුණා.

මාලනී මහත්මිය කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ සේවය කළ ශාක මානව වංශ විද්‍යාඥ මහාචාර්‍ය පණ්ඩුල ඇඳගම මහතාගේ බිරිඳයි.

ඇය සිව් දරු මවක් වූ අතර මිය යන විට ඇය 85 වන වියේ පසුවූවා.

මහාචාර්‍ය මාලනී ඇඳගමගේ දේහය නුගේගොඩ පාගොඩ හත්වෙනි පටුමග නිවසේ තැම්පත්කොට ඇති අතර , අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (3) වනදා පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

Share This