මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නායයෑම් හේතුවෙන් 16ක් මරුට

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නායයෑම් හේතුවෙන් 16ක් මරුට

බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ඇතිවූ නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 16 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

බොහෝ පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවටයි බලධාරීන් සැක පළ කරන්නේ

රයිගාඩ් දිස්ත්‍රික්කයේ ඉර්ෂල්වාඩි ගම්මානයේ මෙම නායයාම සිදු වූ අතර නිවාස කිහිපයක් විනාශ වී තිබෙනවා

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නවතා දැමූ ගලවා ගැනීමේ මෙහෙයුම් යළි ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

බලධාරීන් පවසන්නේ ආපදාවට ලක්වූ ස්ථානය කඳු මුදුනක පිහිටා ඇති අතර එය ගලවා ගැනීමේ මෙහෙයුම්වලට දැඩි බාධාවක් වන බවයි.

ගම්වැසියන් 119 ක් පමණ තවමත් සොයා ගැනීමට නොහැකි බව නම හෙළි නොකළ නිලධාරියෙකු සඳහන් කර ඇති බවද සඳහන්

ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට පසුගිය සති දෙක පුරා අධික වර්ෂාපතනයක් ලැබෙන අතර ඒ හේතුවෙන් ගංවතුර සහ නායයෑම් ඇතිව තිබෙනවා

එරට කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ රයිගාඩ් දිස්ත්‍රික්කය ඇතුළු මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සමහර ප්‍රදේශවලට ඉදිරි දින කිහිපය තුළ අධික වර්ෂාපතනයක් පවතිනු ඇති බවයි.

ප්‍රදේශයේ නිවාස 50 න් 17කට පමණ හානි සිදුව ඇති බවත් මේ වන විට පුද්ගලයින් 21 දෙනෙකු පමණ බේරාගෙන ඇති බවත් බලධාරීහු පවසනවා

Share This