
මහින්දානන්දට වරෙන්තු
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් කර තිබුනද, කොමිසම හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා.
අල්ලස් කොමිසම විසින් සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.