
මාතර මිරිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ හා කුලියාපිටිය ගුණානන්ද මධ්‍ය මහා විද්‍යාලයේ සිසුසිසුවියෝ ජනපති ලේකම් කාර්යාලයට
මාතර මිරිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ හා කුලියාපිටිය ගුණානන්ද මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරුවන්හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහනට සහභාගි වීමට අද (06) අවස්ථාව උදාවුණා.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක්ව පාසල් සිසුන් උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
එහිදී “Clean Sri Lanka” වැඩසටහන සහ එහි සංකල්පමය වටිනාකම පිළිබඳව සිසුසිසුවියන් දැනුවත් කිරීමක්ද සිදු කෙරිණි.
ජනාධිපති අරමුදල ගම දක්වා ගෙන යාමට කටයුතු කළ බවත් ආර්ථික ගැටලු නිසා අධ්‍යාපනය හැදෑරීමට නොහැකි දරුවන්ට, මුදල් අවශ්‍යතා ඇති අයට ජනාධිපති අරමුදල මඟින් ආධාර ලබා ගැනීමේ හැකියාව තිබෙන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂාන් ගමගේ මහතා මෙහිදී සඳහන් කළා.
ජනතාවගේ බදු මුදලින් අධ්‍යාපනය ලබන ඔබ සියලු දෙනා වැඩිහිට පුරවැසියන් වන විට ජනතාව වෙනුවෙන් සේවය කිරීමට බැඳී සිටින බවද ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම තහවුරු කරමින් සංකේතාත්මක තිළිණයක් ලෙස පාසල් වෙත වටිනා පැළ ලබාදීම සහ ‘Vision’ සඟරාව පිළිගැන්වීමද සිදු කෙරිණි.