
මාතලේ වධකාගාරයක් ගැන අනාවරණයක්
1988 සහ 1990 කාල වකවානුව තුළ මාතලේ ප්‍රදේශයේ වධකාගාර කඳවුරු 18ක් පවත්වාගෙන ගොස් ඇති බව අතුරුදන් වූවන්ගේ පවුල් එකතුව අද (28) අනාවරණය කළා.
එහිදී වධබන්ධනයන්ට ලක්වූ පිරිසක්ද මාධ්‍ය වෙත අදහස් පළ කරම්න් සිටියා.
එහිදී අදහස් දක්වමින් පාර්ශ්ව කිහිපයක් සඳහන් කලේ තමන් විවිධ අමානුෂික වධබන්ධනයන්ට ලක්වූ බවයි.
එමෙන්ම 2012 වසරේදී මාතලේ දිස්ත්‍රික් රෝහලෙන් සමූහ මිනී වලක් මතුවූ බවත් එහි කැනීම් කටයුතුවලින් පසුව අස්ථි කොටස් 155ක් ගොඩගත් බවද එම පාර්ශ්වයන් වාර්තා කර සිටියා.
එහිදී එම අස්ථි කොටස් නිරීක්ෂණය කළ අධිකරණ වෛද්‍ය විද්‍යා පර්යේෂණයෙන් සහ අධිකරණ පුරාවිද්‍යා පර්යේෂණයෙන් නිගමනය කර ඇත්තේ එම ස්ථානය පැහැදිලි අපරාධමය ස්ථානයක් බවයි.
කෙසේවෙතත් එම පාර්ශ්වයන් සඳහන් කර සිටියේ කාබන් පරික්ෂාව සඳහා එම අස්ථි පරික්ෂාව සිදුකරන ලද්දේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ බවයි.
එමෙන්ම හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ 720 ක පමණ පිරිසක් බලහත්කාරී ලෙස මාතලේ දිස්ත්‍රික්කය තුළ අතුරුදන් වී ඇති බවද අතුරුදන් වූවන්ගේ පවුල් එකතුව සඳහන් කර සිටියා.
මේ සම්බන්ධයෙන් පවතින රජයේ ක්‍රියාමාර්ගය කුමක්ද යන්න පිළිබඳව එම පාර්ශ්වයන් වැඩිදුරටත් අවධානයෙන් යොමුව සිටින බව සඳහන්.