මාධ්‍ය ප්‍රචාර හේතුවෙන් පීඩාවට පත්වන පුරවැසියන්ගේ අයිතීන් රකින්න නීති ගේන්න අවශ්‍ය බව ජනමාධ්‍ය ඇමති කියයි

මාධ්‍ය ප්‍රචාර හේතුවෙන් පීඩාවට පත්වන පුරවැසියන්ගේ අයිතීන් රකින්න නීති ගේන්න අවශ්‍ය බව ජනමාධ්‍ය ඇමති කියයි

මාධ්‍ය ප්‍රචාර හේතුවෙන් පීඩාවට පත්වන පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීම වෙනුවෙන් අප අවධානය යොමු කළ යුතු බවත්, සමාජ මාධ්‍ය හා අනෙකුත් නව මාධ්‍ය හරහා හඩක් නොමැති පුරවැසියාට වන බලපෑමෙන් ඔවුන් ආරක්ෂා කිරීමට නව නීති සම්පාදනය කිරීමට සිදු වී තිබෙන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් මෙහෙයවන ලද “මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව පිළිබද ඩිප්ලොමා පාඨමාලාව” සාර්ථකව නිම කරන ලද ඩිප්ලොධාරීන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින්.

මෙම උත්සවය පසුගියදා (02) බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේ දී පැවැත් වුණා.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයට මෙම ඩිප්ලෝමාධාරීන් වෘත්තීය වශයෙන් පිවිසෙන්නේ රට ඉතාම වැදගත් පරිවර්තනයක් ඉල්ලා සිටින මොහොතක බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම පරිවර්තනය රජයක, ආයතනයක, සංවිධානයක කාර්යභාරයක් නොවන බව පැවසුවා.

මෙරට සියලුම පුරවැසියන් එම පරිවර්තනය අවබෝධයෙන් යුතුව තමන්ගේ වගකීමක් ලෙස සලකා කටයුතු කළහොත් බලාපොරොත්තු වන ස්ථාවර වෙනසට යාමට හැකිවන බව ද ඔහු සදහන් කළා.

Share This