මාරක අනතුරකට මුහුණ දුන් පාසල් සිසුන් පිරිස

මාරක අනතුරකට මුහුණ දුන් පාසල් සිසුන් පිරිස

හොරණ, රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්‍රික් රෝහල අසලදී පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරියක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පාසල් සිසුන් ඇතුළු 15 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ඉංගිරිය පොලිසිය ප්‍රකාශ කර ඇති බව සඳහන්.

තුවාල ලැබූවන් අතර ලොරියේ රියදුරු සහ සහායකයාද වන බවයි පොලීසිය සඳහන් කර සිටියේ.

තුවාල ලැබූවන් ඉංගිරිය දිසා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ සිටි ලොරි රියදුරු සහායක ඇතුළු පාසල් සිසුන් කිහිපදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

පෞද්ගලික බස් රථයේ හොරණ දෙසට පැමිණෙමින් සිටියදී හා කුඩා ලොරිය ඉංගිරිය දෙසට ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුවී ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඉංගිරිය පොලිසිය සිදුකරනු ලබනවා.

Share This