මාර්තු 09 වෙනස් කරන්න බැහැ – මැතිවරණ කොමිසම අවධාරණය කරයි (VIDEO)

මාර්තු 09 වෙනස් කරන්න බැහැ – මැතිවරණ කොමිසම අවධාරණය කරයි (VIDEO)

එළඹෙන මාර්තු මස 09 වැනිදා පළාත් පාලන මැතිවරණය නිසැක වශයෙන් පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ මැතිවරණය සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කර ඇති බවයි.

එමෙන්ම මැතිවරණ කොමිසමේ ඝනපූර්නය සම්බන්ධයෙන් යම් කථිකාවක් නිර්මාණය වී තිබුණ ද මැතිවරණය පැවැත්වීම සඳහා එය බාධාවක් නොවන බව සඳහන්.

මේ වන විට මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම සහ ඇප තැන්පත් කිරීමට අවසන් වී ඇති අතර දිස්ත්‍රික්ක 15කින් ප්‍රතික්ෂේප වූ නාමයෝජනා සංඛ්‍යාව 100 ඉක්මවා තිබෙනවා.

හෙළිකොප්පටරය ලකුණින් සන්ධාන ගතවූ නිදහස් ජනතා සන්ධානය අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය සභාවට සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වුණා.

මීට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාවට සහ මහියංගනය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ඉදිිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වු බවයි දිස්ත්‍රික් තේරීම් නිලධාරියා ප්‍රකාශ කළේ.

Share This