
මාලදිවයින් සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරුන් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවලින් පසුව ගිවිසුම් හුවමාරුකර ගනී
මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ඊයේ (28) පස්වරුවේ මාලදිවයින් ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.
මාලදිවයින් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා විසින් මහත් හරසරින් යුතුව පිළිගත්තා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහි අමුත්තන්ගේ සමරු පොතෙහි සමරු සටහනක් තැබීමෙන් අනතුරුව, දෙරටේ නායකයින් නිල ඡායාරූපයකට ද පෙනීසිටියා.
ජනපතිවරයා සහ මාලදිවයින් ජනාධිපතිවරයා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වූයේ ඉන් අනතුරුවයි.
එම සාකච්ඡාවෙන් පසුව, දෙපාර්ශ්වය අතර ගිවිසුම් හුවමාරු කරගනු ලැබුවා.
ඒ අනුව, අන්‍යෝන්‍ය නීති අධාර ගිවිසුමක් සහ මාලදිවයිනේ විදේශ සේවා ආයතනය (FOSIM) සහ බණ්ඩාරනායක රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය අතර අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගත්තා.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර, විවිධ ක්ෂේත්‍රයන්හි සබඳතා සහ සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සඳහා මෙම ගිවිසුම් ඉවහල් වනු ඇති බවයි.
අපරාධ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී අන්‍යෝන්‍ය වශයෙන් නෛතිකව සහාය වීම මෙම පළමු ගිවිසුමෙහි අරමුණ වනවා.
දෙවැන්න, අදාළ ආයතන අතර රාජ්‍යතාන්ත්‍රිකයන් පුහුණු කිරීම සහ ඊට අදාළ තොරතුරු සහ ලේඛන හුවමාරුව පිළිබඳ වූ අවබෝධතා ගිවිසුමක්.
මාලදිවයින වෙනුවෙන් එහි විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අබ්දුල්ලා කලීල් මහතා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙම ගිවිසුම් හුවමාරු කර ගත්තා.