
මාලිමාවේ ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුගේ නිවසට වෙඩි
මාතර වැලිගම, උඩුකාව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නිතීඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව පොලිසිය පවසයි.
අද (16) අලුයම 04.40ට පමණ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබෙනවා.
වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ නිවසේ ගේට්ටුවට වන අතර ඉන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැත.
වෙඩිකරුවන් වෙත පොලීසියෙන්ද වෙඩි තබා ඇති අතර එම අවස්ථාවේ ඔවුන් පලාගිය බව ද පොලීසිය පැවසුවා.