මැතිවරණයේ ආරක්ෂාව සඳහා නිලධාරීන් අනූදහසක්
මෙවර මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් අනූදහසකට ආසන්න පිරිසක් හෙට (12) සිට යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කරනවා.
ඒ අනුව පොලිස් නිලධාරීන් 63,145ක්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 32,00ක්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 11,010ක්, සිවිල් ආරක්ෂක නිලධාරීන් 12,227ක් ඇතුළුව නිලධාරීන් 89,582 දෙනෙකු යොදවන බවයි වැඩිදුර අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ.