
මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 150 ඉක්මවයි
ජනාධිපතිවරණයට අදාලව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට පැමිණිලි 157ක් කොමිසම වෙත ලැබී ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
එම සංඛ්‍යාව 154ක්.
අද (08) පස්වරු 4.30න් අවසන් වූ පැය 24ක කාලය සඳහා ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 20ක් වනවා.