
මැති ඇමතිවරු හිටි නිවාස, නව අධිකරණ බවට පත්වෙයි
දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) ප්‍රකාරව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්යභාරයන් ක්‍රියාත්මක කිරීම සඳහා නව මහාධිකරණ කිහිපයක් කඩිනමින් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය පරිපාලන, පළාත්සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය භාරයේ පවතින ගොඩනැගිලි 4ක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත භාරදීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.
රාජ්‍ය පරිපාලන, පළාත්සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුවත් කිරීමෙන් පසු අදාළ එකඟතාව ලැබී ඇත්තේ පහත සඳහන් ගොඩනැගිලි 4යි.
- අංක 88, ග්‍රෙගරි පාර, කොළඹ 07
- අංක 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
- අංක 108, විජේරාම පාර, කොළඹ 07
- අංක 12, ස්ටැන්මෝර් චන්ද්‍රවංකය, කොළඹ 07
මෙම ගොඩනැගිලි අතර, අංක 88, ග්‍රෙගරි පාර, කොළඹ 07 පිහිටි ගොඩනැගිල්ල හිටපු අමාත්‍යවරයෙකු වූ දිලුම් අමුණුගම පරිහරණය කර තිබූ අතර, අංක 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ගොඩනැගිල්ල අභාවප්‍රාප්ත අමාත්‍යවරයෙකු වූ සනත් නිශාන්ත විසින් පරිහරණය කර තිබුණා.
අංක 108, විජේරාම පාර, කොළඹ 07 ගොඩනැගිල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පරිහරණය කළ ගොඩනැගිල්ලයි.
හිටපු විපක්‍ෂ නායකවරයෙකු වූ ආර්. සම්බන්ධන් විසින් පරිහරණය කළ, කොළඹ 07, ස්ටැන්මෝර් චන්ද්‍රවංකය හි පිහිටි අංක 12 ගොඩනැගිල්ලයි.
