මැද පෙරදිග ගුවන් කලප වසා දමයි – ශ්‍රී ලංකන් ගුවන් යානා 05 ක් වෙනත් ගුවන් තොටුපළ වෙත හරවා යවයි

මැද පෙරදිග ගුවන් කලප වසා දමයි – ශ්‍රී ලංකන් ගුවන් යානා 05 ක් වෙනත් ගුවන් තොටුපළ වෙත හරවා යවයි

මැදපෙරදිග වෙත පියාසර කළ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අයත් යාන 05ක් වෙනත් ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබෙනවා.

ඒ අනුව, මස්කට් ගුවන්තොටුපොළට සහ ඩුබායි ගුවන්තොටුපොළට වෙත ගුවන්යානා දෙක බැගින් හතරක් හරවා යවා ඇති අතර රියාද් ගුවන්තොටුපොළ වෙත එක් ගුවන්යානයක් හරවා යවා ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර, මැද පෙරදිග සංචාරකයින්ට අවුල් සහගත නව රැල්ලක් වේගයෙන් උත්සන්න වෙමින් පවතිනවා.

කලාපය පුරා ගුවන් අවකාශය වසා දැමීමේ පුළුල් පියවරක් ලෙස කටාර් රාජ්‍යට මේවන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, සවුදි අරාබිය, ලෙබනනය සහ ජෝර්දානය එක්වී තිබෙන බව වාර්තා වුණා.

කටාර් එහි ගුවන වසා දමන විට  එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද එය අනුගමනය කර තිබෙනවා.

මෙයට බහරේනය සහ කුවේට් එක් වී තිබෙනවා. සෞදි අරාබිය ද ඊට එක්ව ඇති බවත් වාර්තා වුණා. ලෙබනනය සහ ජෝර්දානය ද ගුවන් කලාපය වසා දැමීමට එක්ව ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කළා.

මේ අතර, වාණිජ ගුවන් ගමන් අවලංගු කිරීම, ප්‍රමාද කිරීම හෝ ආපසු හරවා යැවීම ද සිදු වෙමින් පවතිනවා.

වාර්තාවන්නේ ව්‍යාකූල සංචාරකයින් පර්යන්තවල අතරමං වී හිස් ගුවන් ගමන් පුවරු දෙස බලා සිටින බවයි.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ගුවනේ නිශ්ශබ්දතාවය ඝෝෂාකාරී වී, ගොඩබිමෙන් එන සංඥා පැහැදිලි පිපිරුම් සලකුණු ඇති කරන නිසා තත්ත්වය බරපතල වී ඇති බවයි.

ඉරානය අද රාත්‍රියේ කටාර් සහ ඉරාකයේ එක්සත් ජනපද හමුදා කඳවුරු වෙත මිසයිල ප්‍රහාර එල්ල කළා.

මෙම ප්‍රහාර එල්ල කිරීමට ඉරානය කටයුතු කළේ ඇමරිකාව තම න්‍යෂ්ටික ස්ථාන වෙත බෝම්බ හෙලීමට පළිගැනීමක් වශයෙනුයි.

කටාර් අගනුවර වන දෝහා හි ජනතාව ඉහළ බැලූ විට මිසයිල පියාසර කරන ආකාරය සහ වෙඩි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

ඉරානය රාජ්‍ය රූපවාහිනියෙන් නිවේදනය කළේ කටාර්හි අල් උදෙයිඩ් ගුවන් කඳවුරේ ස්ථානගත කර ඇති ඇමරිකානු හමුදාවන්ට පහර දුන් බවයි.

ඉරානය, බටහිර ඉරාකයේ එක්සත් ජනපද හමුදා නවාතැන් ගෙන සිටින අයින් අල්-අසාද් කඳවුර ද ඉලක්ක කළ බව ඉරාක ආරක්ෂක නිලධාරියෙක් ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පවසා තිබුණා.

ඉරානයේ තර්ජන මධ්‍යයේ පූර්වාරක්ෂාවක් ලෙස කටාර් රාජ්‍ය සිය ගුවන් අවකාශය වසා දැමීමෙන් ටික වේලාවකට පසුව මෙම ප්‍රහාර එල්ල වී තිබෙනවා.

පිපිරීම් වලට පෙර ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහන් කර තිබුණේ “අපි යුද්ධය ආරම්භ කළේවත් එය සොයමින් සිටියේවත් නැත. නමුත් අපි පිළිතුරක් නොමැතිව මහා ඉරානයට ආක්‍රමණය කිරීමට ඉඩ නොදෙමු.”

කටාර්හි ඇමරිකානු ගුවන් කඳවුර දෙසට ඉරානය මිසයිල දියත් කර ඇත්තේ, වොෂින්ටනය සති අන්තයේ රටේ භූගත න්‍යෂ්ටික ස්ථාපනයන් වෙත රාත්තල් 30,000 ක බංකර්-බස්ටර් බෝම්බ හෙළීමෙන් පසුවයි.

 

Share This