
මැයි 05 සහ 06 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැසේ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හෙතුවෙන් කොළඹ 5, ඇල්විටිගල මාවත ,මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මැයි 05 සහ 06 වසා තැබෙන බව දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
නැගෙනහිර කොළඹ ඡන්ද කොට්ඨාස අංක 6 සහ අංක 7ට අදාල ඡන්ද මධ්‍යස්ථාන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.
ඡන්ද මධ්‍යස්ථානය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පහසුකම් සැලසීමට සහ ඡන්ද විමසීමේ කටයුතු සංවිධානය කිරීම සඳහා මෙම දිනයන්හිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සාමාන්‍ය රාජකාරිය සඳහා වසා තබනු ලබන්නේ.