මිද්දෙනියෙන් අයිස් මෙහෙයුම කඳානට (VIDEO)

මිද්දෙනියෙන් අයිස් මෙහෙයුම කඳානට (VIDEO)

කඳාන පොලිස් වසමේ අංක 107/10, දුම්රියපොළ පාර, කඳාන ලිපිනය සඳහන් කිසිවෙකු පදිංචිව නොමැති නිවසක හා නිවස ඉදිරිපිට භූමියේ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන රසායනික ද්‍රව්‍යයක් බවට සැක පළ කරන විශාල ප්‍රමාණයක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

කලුතර අපරාධ කොට්ඨාශයට ලැබුණ තොරතුරක් මත ඊයේ (07) සවස කඳාන පොලිස් වසමේ අංක 107/10, දුම්රියපොළ පාර, කඳාන ලිපිනයේ පිහිටි නිවසේ ගෙවත්තේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට උපයෝගීකරගන්නා බවට සැක කෙරෙන සුදු පැහැති රසායනික ද්‍රව්‍යයක් දමා ගොස් තිබියදී සොයා ගත්තා.

එහි ප්‍රමාණය මෙතෙක් ගණනය කර නොමැති අතර මෙම ලිපිනය සහිත නිවසද වසා දමා තිබූ පාලු නිවසක් බව අප වාර්තාකරු සදහන් කළා.

පොලීසිය පැවසුවේ සැකකරුවන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

කලුතර අපරාධ කොට්ඨාශය හා කඳාන පොලිස් ස්ථානය එක්ව මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

මෙම දෙමහල් නිවස පුද්ගලයකු විසින් අගෝස්තු මස 11 වන දින මසකට 1,50,000 ක මුදලකට කුලී පදනම මත ලබාගෙන ඇති අතර, මාස හයක කාලයකට අත්තිකාරම් ද ලබාදුන් බවයි නිවෙස් හිමිකරු පවසා ඇත්තේ.

නැවතත් සැප්තැම්බර් මස පස්වන දින එම නිවසේ යතුර දෙමහල් නිවසේ අයිතිකරු හට එම පුද්ගලයා විසින් බාර දී ඇති බව සඳහන්.

මේ වන විට පෑලියගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් ස්ථාන පරීක්ෂණ සිදුකරමින් පවතිනවා.

 

Share This