
මිද්දෙනියේ රසායන ද්‍රව්‍ය සාම්පල 20 කින් 05 ක අයිස් මත්ද්‍රව්‍ය සාන්ද්‍රන (VIDEO)
මිද්දෙනිය ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැකකරන රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකකින් සොයාගත් කිලෝ ග්‍රෑම් 42,000 ක් අතුරින් ලබාගත් පරීක්ෂණ සාම්පල 20 කින් 05 ක අදාල අයිස් මත්ද්‍රව්‍ය හෙවත් මෙතම්ෆෙටමින් සාන්ද්‍රන අඩංගු බවට තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (06) සදහන් කළා.
ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් අන්තරායකර ඖෂධ පලක ජාතික මණ්ඩලය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් පිරිසක් යොදාගනිමින් පරීක්ෂණ සිදු කරන බවයි.
මෙම රසායන ද්‍රව්‍ය වල දමා තිබූ ඉඩමේ හිමිකරුවකු සැකපිට අත් අඩංගුවට ගත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.