මින්පසු සංස්කෘතික උරුමයන් බලන්න 18 ට අඩු දේශීය අයට නොමිලේ

මින්පසු සංස්කෘතික උරුමයන් බලන්න 18 ට අඩු දේශීය අයට නොමිලේ

දේශීය සහ විදේශීය දරුවන් සඳහා සංස්කෘතික උරුම භූමිකාවලට ප්‍රවේශය පිළිබඳව පාලක මණ්ඩල තීරණය සහ ක්‍රියාත්මක කිරීම.

මේ වසරේ අප්‍රේල් 25 පැවති 222 වන පාලක මණ්ඩල රැස්වීම සඳහා ඉදිරිපත් කරන ලද 222.04.04 දිනැති පත්‍රිකාව මත පදනම්ව, වයස අවුරුදු 18 ට අඩු දේශීය දරුවන් සඳහා නොමිලේ සංස්කෘතික උරුම භූමිවලට (Non-ticketed Heritage Sites) නොමිලේ ප්‍රවේශය ලබාදීමට පාලක මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනව්ව්.

එමෙන්ම එහිදී තීරණය වී ඇත්තේ විදේශීය වයස අවුරුදු 18 ට අඩු දරුවන් සඳහා සීමිත කොන්දේසි යටතේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමයි.

මෙම ක්‍රියාවලිය පසුගිය ජූලි 07 මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙනවා.

මෙම තීරණයේ ප්‍රධාන අරමුණ වන්නේ, දේශීය දරුවන්ට සංස්කෘතික උරුමය පිළිබඳව වටිනාකමක් එක්කිරීම වන අතරම, ජාතික උරුම ආයතන හා ස්ථාන පිළිබඳ අවබෝධයක් ඇති කරවීමයි.

විදේශීය දරුවන් සඳහාත් යහපත් හා සාධාරණ ක්‍රමයක් යටතේ ප්‍රවේශය ලබාදීමට එහිදී සලස්වනු ඇති.

මෙම පියවරවලින්, ජාතික උරුම ස්ථානවල සංචාරය කිරීම සම්බන්ධයෙන් දරුවන්ට සුදුසු අවස්ථා සහ වටිනා අධ්‍යාපනික අත්දැකීම් ලබාදීම අපේක්ෂා කෙරෙනවා.

විශේෂයෙන්ම, දේශීය දරුවන්ගේ වයස අනුව නිදහස් ප්‍රවේශය ලබාදීම, ඔවුන්ගේ ජාතික උරුමය පිළිබඳ සත්‍ය අවබෝධය හා උනන්දුව වර්ධනය කිරීමේ අරමුණෙන් සිදුකෙරෙන බවයි මධ්‍යම සංස්කෘතික අරමුදල පවසන්නේ.

Share This