මිනිස් ජාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයි

මිනිස් ජාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයි

මිනිස් ජාවාරමක් සම්බන්ධයෙන් මතු වූ සැකයක් මත ඉන්දීය මගීන් 303 දෙනෙකු රැගත් ගුවන් යානයක් ඊසානදිග ප්‍රංශයේ ගුවන් තොටුපොළක නවතා ඇති බව ප්‍රංශය පවසනවා.

එයාර්බස් A340 නමැති එම ගුවන් යානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නිකරගුවාව වෙත පියාසර කරමින් තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව මෙම ගුවන් යානය රඳවා තබාගෙන ඇති අතර සංචාරයේ කොන්දේසි සහ අරමුණ පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම අදාළ මගීන්ගෙන් කිහිපදෙනෙකු නීතිවිරෝධී සංක්‍රමණිකයන් බවට තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This