මිනුවන්ගොඩ ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

මිනුවන්ගොඩ ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

මිනුවන්ගොඩ ප්‍රදේශයේ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විමර්ශනයකට අනුවයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඒ අනුව අත්තනගල්ල ඌරපොල ප්‍රදේශයේදී එක් සැකකරුවෙකු හා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඉදිරිපත් වීමෙන් පසු තවත් සැකකරුවෙකු මෙම අපරාධයට ආධාර අනුබල දීම යටතේ ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27 හා 33 වයස්වල පසුවන යාගොඩමුල්ල හා ගලපිටමඩ ප්‍රදේශවල පදිංචිකරුවන්

මෙම සැකකරුවන් දෙදෙනා වෙඩි තැබීමට පැමිණි සැකකරුවන්ට නවාතැන් පහසුකම් ලබා දීම හා කුමන්ත්‍රණය කිරීම, අපරාධයට යොදා ගත් යතුරුපැදිය ව්‍යාජ අංක තහඩු යොදා චැසි අංක මකා දමා තොරතුරු වසන් කිරීම මගින් ආධාර අනුබල දීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන  ඇති බව සඳහන්

මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා

Share This