මියන්මාර සරණාගතයින් පිරිසක් ඉන්දියාවෙන් පිටුවහල් කරයි

මියන්මාර සරණාගතයින් පිරිසක් ඉන්දියාවෙන් පිටුවහල් කරයි

2021 හමුදා කුමන්ත්‍රණයකින් පසු පැමිණි පළමු මියන්මාර සරණාගතයින් කණ්ඩායම ඊයේ(02) ඉන්දියාව පිටුවහල් කළ බව එරට රාජ්‍ය අමාත්‍යවරයෙක් නිවේදනය කර තිබෙනවා. ,

ඒ මියන්මාරයේ කැරලිකාර හමුදා සහ පාලක ජුන්ටාව අතර ඇතිවූ සටන් හේතුවෙන් සති ගණනාවක් අඩාල වූ ප්‍රයත්නයන්ගෙන් පසුවය.

2021 දී කුමන්ත්‍රණයෙන් පසු මියන්මාරයේ සිවිල් වැසියන් දහස් ගණනක් සහ හමුදා භට පිරිසක් දේශසීමා හරහා ඉන්දියාවට පැමිණියා.

මියන්මාරය සමග සිය දේශසීමාවට වැට බැඳීමට සහ වීසා-නිදහස් සංචලන ප්‍රතිපත්තියක් අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි නව දිල්ලිය නිවේදනය කරන්නේ.

පසුගිය වසරේ මැයි මාසයේ ජනවාර්ගික ගැටුම් හට ගැනීමෙන් පසු වරින් වර ඇති වූ ප්‍රචණ්ඩත්වය නිසා පුද්ගලයන් 220 දෙනෙකුට මරු කැඳවූවා.

කිසිදු භේදයකින් තොරව, මියන්මාරයේ නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමේ පළමු අදියර සම්පූර්ණ කර ඇති බවයි ,මනිපූර් මහ ඇමති එන්. බිරෙන් සිං සමාජ මාධ්‍ය සටහනක් තබමින් කියා සිටියේ.

නව දිල්ලිය සරණාගත අයිතිවාසිකම් සහ ඔවුන් ආරක්ෂා කිරීම සඳහා රාජ්‍යයන්ගේ වගකීම් විස්තර කරන 1951 එක්සත් ජාතීන්ගේ සරණාගත සම්මුතියට අත්සන් කර නොමැති බව සඳහන්.

Share This