මිරිස්ස මුහුදේ ගිලී විදෙස් කාන්තාවක් මරුට

මිරිස්ස මුහුදේ ගිලී විදෙස් කාන්තාවක් මරුට

වැලිගම මිරිස්ස මුහුදේ දිය නෑමට ගිය කොරියානු ජාතික කාන්තාවක් දියේ ගිලී මියගොස් තිබෙනවා.

එම කාන්තාව දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි අවස්ථාවේදී වෙරළ ආරක්ෂක බළකා, ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඇය ගොඩට ගෙන මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඇය මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මියගොස් ඇත්තේ 37 හැවිරිදි වියේ පසුවූ දකුණු කොරියානු ජාතික කාන්තාවක්.

Share This