මහිෂිනි කොලොන්නේ ඉන්දීය මහ කොමසාරිස් ලෙස අක්ත පත්‍ර බාර දෙයි

මහිෂිනි කොලොන්නේ ඉන්දීය මහ කොමසාරිස් ලෙස අක්ත පත්‍ර බාර දෙයි

ශ්‍රී ලංකාවේ නව මහ කොමසාරිස්වරිය ලෙස පත් වූ මහිෂිනි කොලොන්නේ ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු මහත්මිය වෙත සිය අක්තපත්‍රය අද පිළිගන්වා තිබෙනවා.

රාෂ්ට්‍රපති භවන් හි පැවති උත්සවයකදී ඉන්දීය ජනාධිපතිනියට, මහ කොමසාරිස්වරිය ගේ අක්තපත්‍ර පිළිගත්තා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පත්වීම අනුමත කිරීමෙන් පසු මහීෂිනි කොලොන්නේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් වුණා.

2011 සිට 2014 දක්වා ඉන්දියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය ලෙස ද මහීෂිනි කොලොන්නේ කටයුතු කළා.

Share This