මි.මී. 200ට වැඩි තද වැසි

මි.මී. 200ට වැඩි තද වැසි

අයහපත් කාලගුණ තත්ත්වයත් සමග අද (28) අලුයම වනවිට වාර්තා වූ වැඩිම වර්ෂාපතනය මි.මී. 315ක් වවුනියාව දිස්ත්‍රික්කයේ වෙඩිකුලම් ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වියහැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, උතුරු, උතුරු-මැද, මධ්‍යම, වයඹ, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 200ට වැඩි ඉතා තද වැසි සහ ත්‍රිකුණාමලය, බදුල්ල, මඩකලපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකියි.

Share This