මී උණ රෝග ලක්ෂණ පවතී නම් වහාම රෝහල්ගත වන්න

මී උණ රෝග ලක්ෂණ පවතී නම් වහාම රෝහල්ගත වන්න

දිවයිනට බලපෑ ගංවතුර තත්ත්වය පහව යාමත් සමග වතුර බැසයාමේදී මීඋණ රෝගය ව්‍යාප්ත විය හැකි බැවින් ශරීරයේ තුවාල පවතී නම් වතුරේ නොබසින ලෙසද මී උණ රෝග ලක්ෂණ පවතී නම් වහාම රෝහල්ගත වන ලෙසද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ මහත්මිය ජනතාවට දැනුම් දෙනවා

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ මහත්මිය මේ බව කියා සිටියා

එමෙන්ම මීයන්ගේ මුත්‍රා වතුරට ඒක්වී තිබීමෙන් ශරීරයේ තුවාල ඔස්සේ මී උණ විෂබීජය ශරීරගතවිය හැකි බවද මෙය ඉතා භයානක රෝගී තත්ත්වයක් බවද ඇය එහිදී අවධාරණය කළා

මී උණ රෝගයේ රෝග ලක්ෂණ ලෙස ඇස් රතුවීම, උණ, මුත්‍රා පිටවන ප්‍රමාණය අඩුවීම, අධික හිසරදය හා මස්පිඩු වේදනාව ආදිය දැකිය හැකි අතර මෙම රෝග ලක්ෂණ පැවතියහොත් කඩිනමින් රෝහල්ගත වීම ඉතා වැදගත් බවද ඇය පැවසුවා

Share This