මුඛ සහ පියයුරු පිළිකා රෝගීන් වාර්තාවීම ඉහළට

මුඛ සහ පියයුරු පිළිකා රෝගීන් වාර්තාවීම ඉහළට

මෙරට මුඛ පිළිකා සහ පියයුරු පිළිකා වාර්තාවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා

ඒ අනුව පසුගිය වසරේ නව පිළිකා රෝගීන් 33,000කට අධික පිරිසක් වාර්තා වී ඇති අතර පිළිකා හේතුවෙන් පසුගිය වසරේ මරණ 19,000ක් සි බවයි ඔහු පැවසුවේ

මෙරටින් වාර්තාවන පිළිකා රෝගී මරණවලට පියයුරු පිළිකා, ගැබ් ගෙල පිළිකා, පෙනහළු හා මහ බඩවැලේ පිළිකා ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවද සඳහන්

එමෙන්ම 2050 වන විට ලෝකය නව පිළිකා රෝගීන්ගේ 77% ක වැඩිවීමක් අපෙක්ෂා කරන බව ද විශේෂ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියා

Share This