මුහම්මද් නබිතුමන්ගේ 1500 වැනි ජන්ම දිනය අදයි

මුහම්මද් නබිතුමන්ගේ 1500 වැනි ජන්ම දිනය අදයි

මේ නිමිත්තෙන් ලොව පුරා ඉස්ලාම් බැතිතුමතුන් අද දිනයේදී විවිධ ආගමික වැඩසටහන්වලට එක්වුණා.

ලොව පුරා ජිවත්වන මුස්ලිම්වරුන් පිළිපදිනු ලබන ඉස්ලාම් ධර්මය මෙලොවට පරිපූර්ණ කරදුන් ශාස්තෘවරයාණන් ලෙසයි මුහම්මද් නබිතුමන් සැලකෙන්නේ.

ඉස්ලාම් විශ්වාසයට අනුව ලොව මුල්ම මිනිසා වන ආදම් නබිතුමන්ගෙන් පසුව ඒ ඒ කාලවලදී පැවති සමාජය යහමගට ගැනීම සඳහා ශාස්තෘවරුන් එක්ලක්ෂ විසිහතර දහසක් පැමිණි බව ශුද්ධ වූ අල්කුරානයේ සඳහන් වනවා.

හතලිස්වන වියේ සිට හැටතුන්වන විය දක්වා මුහම්මද් නබිතුමන් 23 වසරකට කාලයක් සිය ආගමික මෙහෙය ඉටුකර තිබෙනවා.

අනේකවිද දුක්ඛ දෝමනස්සයන්ට මුහුන දුන් එතුමාණන් මිලේච්ඡත්වයට පත්ව තිබූ ආරාබි සමාජ ක්‍රමය යහපත් සමාජ ක්‍රමයක් බවට පරිවර්ථනය කිරිමට ක්‍රියාකළ අතර ලොව පුරා වෙසෙන සියලු ජනතාව අතරද සාමයේ පණිවුඩය රැගෙන ගිය බවයි සඳහන් වන්නේ.

අද දිනට යෙදෙන නබි නායකතුමන්ගේ 1500 වැනි උපන් දිනය සැමරීමට දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉස්ලාම් ජනතාව මහත් උනන්දුවෙන් එක්ව සිටිනවා.

Share This