මුහුදට වැටුණු යානය අයිති කරගන්න ඇමරිකාවයි ,චීනයයි තරගයක (VIDEO)
දකුණු චීන මුහුදට කඩා වැටුණු එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් වෙත චීන ජාතිකයින් ළඟා වීමට පෙර ළඟා වීමට සහ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව උත්සාහ දරමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා
දකුණු චීන මුහුදේදී කඩා වැටුණු මෙම යානය ඇමරිකන් ඩොලර් මිලියන 100 (ඩොලර් මිලියන 74) පමණ වටිනාකමකින් යුක්ත බවයි පැවසෙන්නේ.
මෙය ඇමෙරිකන් නාවික හමුදාවට අයත්, අති නවීන තාක්ෂනයෙන් නිපදවා ඇති ‘එෆ්.35සී’ වර්ගයේ ප්‍රහාරක යානයක් .
මෙම ජෙට් යානය නාවික හමුදාවේ නවතම යානය වන අතර එය වර්ගීකරණය කරන ලද උපකරණ වලින් පිරී තිබෙන බවද සඳහන් වනවා.
ඇමෙරිකානු නාවික හමුදාව පවසන්නේ චීනය මෙම සිදුවීම ගැන දැනගත් සැණින්, ‘එෆ්.35සී’ යානය සොයා ගැනීමටත්, එහි රහස් අනාවරණය කර ගැනීමටත් උත්සාහ දරමින් සිටින බවයි.
යානය සොයා චීනයට කලින් ඇමෙරිකාව මෛහයුම් ආරම්භ කර ඇත්තේ මේ නිසා බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
‘එෆ්.35සී’ යානය, ඇමෙරිකන් නාවික හමුදාවට අයත්, ප්‍රහාරක යානා රැගෙන යාත්‍රා කරන යූ.එස්.එස්. කර්නල් වින්සන් නෞකාවට අයත් එකක් බවයි පැවසෙන්නේ
යානය නෞකාවේ සිට පියාසර කිරීමට සූදානම් වෙද්දී එය අනතුරට පත්වුණු බවත්, මුහුදට වැටුණු බවත් සඳහන්
ජෙට් යානය කඩා වැටීමෙන් නාවිකයින් හත් දෙනෙකු තුවාල ලබා තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා .
ජෙට් යානය වැටුණේ කොතැනකටද යන්න හෝ එය ගොඩගැනීමට කොපමණ කාලයක් ගතවේද යන්න නාවික හමුදාව තහවුරු කරන්නේ නැහැ
චීනය මුළු දකුණු චීන මුහුදටම පාහේ හිමිකම් කියන අතර මෑත වසරවලදී එම හිමිකම් ප්‍රකාශ කිරීමට වැඩි වැඩියෙන් පියවර ගැනුණා.
එයට නීතිමය පදනමක් නොමැති බව පවසමින් 2016 ජාත්‍යන්තර අධිකරණ තීන්දුවක් මෙය පිළිගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.