මූල්‍ය දූෂණ චෝදනාවකට අත්අඩංගුවට ගත් සිංගප්පූරුවේ ප්‍රවාහන ඇමති

මූල්‍ය දූෂණ චෝදනාවකට අත්අඩංගුවට ගත් සිංගප්පූරුවේ ප්‍රවාහන ඇමති

ඉහළ පෙළේ මූල්‍ය දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිංගප්පූරුවේ ප්‍රවාහන අමාත්‍ය S. Iswaran ඇප මත මුදාහැර තිබෙනවා.

එරට දූෂණ විරෝධී ආයතනය මගින් අත්අඩංගුවට ගෙන ඇති ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිංගප්පුරුවේ ධනවත් හෝටල් හිමිකරුවෙකු සමග පැවැත්වූ මූල්‍යමය සබඳතා සම්බන්ධයෙන් අනාවරණය වීමෙන් පසුව එරට ප්‍රවාහන අමාත්‍යවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

දූෂණයෙන් තොර රජයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සිංගප්පුරුවේ අමාත්‍යවරයෙකුට එරෙහිව මූල්‍ය චෝදනා එල්ල වූ මෙම අවස්ථාව දුර්ලභ සිදුවීමක් ලෙස එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සිංගප්පුරුවේ ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවැත්වූ සබඳතා සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරන ලෙස එරට දූෂණ විරෝධී ආයතනය විසින් සිද්ධියට සම්බන්ධ හෝටල් හිමිකරුට නියෝගයක් ද නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This