මෙක්සිකානු ඉතිහාසයේ පළමුවරට ජනාධිපතිවරියක් පත්වෙයි

මෙක්සිකානු ඉතිහාසයේ පළමුවරට ජනාධිපතිවරියක් පත්වෙයි

මෙක්සිකෝවේ ප්‍රථම ජනාධිපතිනිය ලෙස ඓතිහාසික ජයග්‍රහණයක් ලැබීමට Claudia Sheinbaum සමත් වී තිබෙනවා.

මූලික ප්‍රතිඵල අනුව 61 හැවිරිදි මෙක්සිකෝ නගරයේ හිටපු නගරාධිපතිනිය වන Claudia Sheinbaum මැතිවරණයෙන් 58% සහ 60% අතර ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බවයි මෙක්සිකෝවේ නිල මැතිවරණ අධිකාරිය නිවේදනය කරන්නේ.

වත්මන් ජනාධිපති ලෝපෙස් ඔබ්‍රඩෝර්ගේ ඉවත්ව යාමෙන් පසු ඔක්තෝබර් 1 වන දින ෂයින්බෝම් මහත්මිය නිල වශයෙන් මෙක්සිකෝවේ ජනාධිපති ධුරයේ දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.

හිටපු බලශක්ති විද්‍යාඥවරියක වන ෂයින්බෝම් මහත්මිය, වත්මන් ජනපති ලෝපෙස් ඔබ්‍රඩෝර් විසින් ගොඩනගන ලද ජාතික සැලැස්ම මත තවදුරටත් ක්‍රියා කරන බවත්, සුබසාධන වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කරන බවත් පවසමින් රජයේ සියලු වැඩකටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බවට පොරොන්දු වී තිබෙනවා.

නමුත් ජනාධිපතිවරිය ලෙස තේරී පත්වී කළ පළමු කතාවේදී ඇය මෙවර මෙක්සිකානු මැතිවරණය පෙර පැවති මැතිවරණයට වඩා වෙනස් වීමේ හේතුව පැහැදිලි කර තිබෙනවා.

ඇය කියා සිටියේ මෙක්සිකානු ජනරජයේ වසර 200 තුළ පළමු වතාවට පළමු කාන්තා ජනාධිපතිනිය බවට පත්වීම විශේෂ වන බවයි.

එමෙන්ම එය තමාගේ පමණක් නොව මෙක්සිකෝවේ සිටින සියලුම කාන්තාවන්ගේ ජයග්‍රහණයක් බවද ඇය කියාසිට් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This