මෙක්සිකෝවට බලපෑ සුළි කුණාටුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන ඉහළට

මෙක්සිකෝවට බලපෑ සුළි කුණාටුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන ඉහළට

මෙක්සිකානු පැසිෆික් සංචාරක Acapulco නගරයට පසුගිය සතියේ බලපෑ Otis සුළි කුණාටුව හේතුවෙන් මියගිය සහ අතුරුදහන් වූ පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව Guerrero ප්‍රාන්ත බලධාරීන් පවසනවා

Guerrero හි ආණ්ඩුකාර Evelyn Salgado පැවසුවේ 45 දෙනෙකු මිය ගොස් ඇති බවත් තවත් 47 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි

මියගිය අය අතර අමෙරිකානු පුරවැසියෙක්, බ්‍රිතාන්‍ය ජාතිකයෙක් සහ කැනේඩියානු ජාතිකයෙක් සිටින බව සඳහන්

එමෙන්ම නගරයේ 900,000කට ආසන්න ජනගහනයක් ආහාර සහ පානීය ජලය හිඟ වීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

මේ වනවිට සිදුකර ඇති ඇස්තමේන්තුවලට අනුව සුළි කුණාටුවෙන් ඩොලර් බිලියන 15 ක පමණ හානියක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

ආපදා සහන සේවා සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයින් 17,000 ක් පමණ එම ප්‍රදේශයට යවා ඇති බව ද වාර්තා වනවා

Share This