මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් 16ක් මරුට – 36කට තුවාල

මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් 16ක් මරුට – 36කට තුවාල

මෙක්සිකෝවේ බස් රථයක් අනතුරට ලක්වීමෙන් 16 දෙනෙකු මිය ගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මධ්‍යම මෙක්සිකෝවේ Cuacnopalan-Oaxaca අධිවේගී මාර්ගයේ දීයි මෙම අනතුර සිදුව තිබෙන්නේ

ප්‍රදේශවාසීන් සහ සංක්‍රමණිකයන් රැගත් බස් රථය ට්‍රේලර් ට්‍රක් රථයක ගැටී ඇති බවයි පැවසෙන්නේ

මෙම අනතුරින් එක් බාලවයස්කරුවෙකු ඇතුළුව අවම වශයෙන් පිරිමින් අට දෙනෙකු සහ කාන්තාවන් අට දෙනෙකු මිය ගොස් තිබෙනවා

තුවාල ලැබූවන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා Puebla හි රෝහල් වෙත මාරු කර යවා ඇති බවද සඳහන් වනවා

අනතුරට හේතුව තවමත් නොදන්නා බවයි පැවසෙන්නේ

Share This