
මෙන්න පළමු ඡන්ද ප්‍රතිඵලය
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල මහ නගර සභාවේ ප්‍රතිඵලයයි මෙලෙස නිකුත් වී ඇත්තේ.
ඒ අනුව ජාතික ජන බලවේගය ඡන්ද 2260ක් ලබාගෙන ඇති අතර ඔවුන්ට හිමිව ඇති ආසන සංඛ්‍යාව 09ක්.
සමගි ජන බලවේගය ඡන්ද 1397ක් ලබාගෙන ඇති අතර මන්ත්‍රී ධුර 05ක් ඔවුන් හිමි කරගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 795ක් ලබාගෙන ඇති අතර ඔවුන්ට මන්ත්‍රී ධුර 3ක් හිමිව ඇති බව සඳහන්.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂය ඡන්ද 265ක් ලබා ගනිමින් එක් මන්ත්‍රී ධුරයක් හිමිකරගෙන ඇති අතර සර්වජන බලය පක්ෂය ඡන්ද 177ක් ලබා ගනිමින් එක් මන්ත්‍රී ධුරයක් හිමිකරගෙන තිබෙනවා.