මෙම වසරේදී ඇමසන් වනාන්තරය විනාශ වීම අඩුවෙයි

මෙම වසරේදී ඇමසන් වනාන්තරය විනාශ වීම අඩුවෙයි

මෙම වසරේදී ඇමසන් වනාන්තරය විනාශ වීම අඩුවෙයි

මෙම වසරේ ගත වූ කාලය තුළ දී ඇමසන් වනාන්තර විනාශය තුනෙන් එකකින් අඩු වී ඇති බව බ්‍රසීලය පවසනවා.

ඒ අනුව බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ වන විනාශය ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාගේ ධුර කාලය තුළ පළමු මාස ​​06 තුළ දී 33.6% කින් පහත වැටී ඇති බවයි එරට රජය පෙන්වා දෙන්නේ

කෙසේ වෙතත් 2030 වසරවන විට වන විනාශය අවසන් කිරීමට ලූලා ප්‍රතිඥා දී තිබෙනවා.

එමෙන්ම ඇමසන් වනාන්තරය ලොව විශාලතම වැසි වනාන්තරය වන අතර ඉන් 60%ක් ඇත්තේ බ්‍රසීලයේ යි.

ඇමසන් වැසි වනාන්තරය දේශගුණික විපර්යාසයන්ට එරෙහි ගෝලීය සටනේ වැඩි අවදානයක් යොමු කළ අංගයක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.

Share This