මෙරට උපාධිධාරීන්ට ජපානයේ රැකියා අවස්ථා

මෙරට උපාධිධාරීන්ට ජපානයේ රැකියා අවස්ථා

ජපානයේ පෞද්ගලික අංශයේ පවතින රැකියා අවස්ථා සඳහා තාක්ෂණ ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකික උපාධිධාරීන් බඳවා ගැනීමට කැමැත්තෙන් පසුවන බව මෙරට සංචාරයක නිරත ජපාන දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය ඉසුමි හිරොටෝ (Dr. IZUMI Hiroto) මහතා පවසනවා

මෙරටට පැමිණි නිවාස, ඉදිකිරීම් හා නාගරික ක්ෂේත්‍රයන්හි නියෝජිතයින්ගෙන් සමන්විත ජපාන ඉහළ පෙළේ දූත පිරිස ඊයේ (18) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේදී මේ බව කියා සිටියේ

ජපානයේ විදුලි සැපයුම් ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ අරමුණින් උපාධිධාරීන්ට එම අවස්ථාව ලබා දෙන බවද ඔහු එහිදී කියා සිටියා

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථකව අවසන් වී ඇති බැවින් පසුගිය සමයේ අත්හිටුවා තිබූ ව්‍යාපෘති ද ඇතුළුව ජපාන නිල සංවර්ධන ආධාර යටතේ (ODA) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසුවා

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ජපානය විසින් නිල සංවර්ධන ආධාර යටතේ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සහ ශ්‍රී ලංකාව තුළ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා

මීට අමතරව, දැනට තාවකාලිකව අත්හිටුවා ඇති කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධන ව්‍යාපෘතිය, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සහ රූපවාහිනී ඩිජිටල් විකාශන ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති නැවත කඩිනමින් ආරම්භ කළ හැකි බවද මෙහිදී ජපාන දූත පිරිස පැවසුවා

Share This