මෙවර G20 ට අප්‍රිකානු කලාපයේ වාර්තාගත සහභාගීත්වයක්

මෙවර G20 ට අප්‍රිකානු කලාපයේ වාර්තාගත සහභාගීත්වයක්

මෙවර G20 සමුළුව අප්‍රිකාවේ සහභාගීත්වය මෙතෙක් වාර්තා වූ ඉහළම අවස්ථාව බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිත රුචිරා කම්බෝජ් පවසනවා.

අප්‍රිකාව කෙරෙහි G20 හි අවධානය මෑත වසරවල ස්ථාවර වී ඇති බවයි ඇය පැවසුවේ.

කෙසේවෙතත් දකුණු ගෝලීයව සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට වැඩි අවස්ථා ලබා දී ඇති බැවින් ඉන්දියාවේ G20 සභාපතීත්වය සුවිශේෂී වන බව ද ඇය සඳහන් කළා.

2023 සංවර්ධනය සඳහා මූල්‍යකරණය පිළිබඳ ECOSOC සංසදය අමතමින් තානාපතිනිය ඉන්දියාවේ නිත්‍ය නියෝජිත රුචිරා කම්බෝජ් මේ බව පෙන්වා දුන්නා.

මීට අමතරව ඉන්දියාවේ පැවැත්වෙන බොහෝ G20 රැස්වීම් ද දකුණු ගෝලීයව සහ පොදුවේ ලෝකයේ අභියෝගවලට ආමන්ත්‍රණය කිරීමට උත්සාහ කරන බව ඇය පෙන්වා දී තිබෙනවා.

ඩිජිටල් යටිතල පහසුකම් සහ දේශගුණික විපර්යාස වැනි ඉන්දියාවේ ප්‍රමුඛතා සහ බහුපාර්ශ්වික ප්‍රතිසංස්කරණ, ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාව, ප්‍රති-ත්‍රස්තවාදය, නව සහ නැගී එන තර්ජන, ගෝලීය කුසලතා සිතියම්ගත කිරීම සහ ආපදා අවදානම් අවම කිරීම වැනි විවිධ ගැටලු, අප්‍රිකානු කලාපය සඳහා විශේෂ උනන්දුවක් දක්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

Share This