
මේ වසරේ පළමු මාස හයේදී අපනයන ආදායම ඩොලර් බිලියන 8.3 කින් ඉහළ ගිහින්
මේ වසරේ අපනයන පළමු මාස 6 තුළ කැපී පෙනෙන ලෙස ප්‍රගතියක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.
අපනයන සංවර්ධන මණ්ඩලය පවසන්නේ මේ වසර තුල මුල් මාස 6 ට සමස්ත අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 8,337.86 සීමාවට ළගා වී ඇති අතර එය පසුගිය වසරේ මෙම කාලසීමාවට සාපේක්ෂව 6.70% ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි.
වෙළෙද භාණ්ඩ හා සේවා දෙකම ඇතුලත්ව සමස්ත අපනයන ජූනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,460.34 ක සීමාවට ලගා වී තිබෙනවා.
එය 2024 ජූනි මාසයට සාපේක්ෂව 8.73% ක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙනවා.
රේගුව සහ විද්‍යුත් භාණ්ඩ සඳහා ඇස්තමේන්තු දත්ත පවසන්නේ ජූනි මාසයේදී පමණක් වෙළෙද භාණ්ඩ අපනයන 6.85% කින් වර්ධනය වී ඇති අතර ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 1,150.73 කට ලගා වී ඇති බවයි.