මොරොක්කෝවේ භූමිකම්පාවෙන් විපතට පත් ප්‍රදේශවල පාසල් නැවත ඇරඹේ

මොරොක්කෝවේ භූමිකම්පාවෙන් විපතට පත් ප්‍රදේශවල පාසල් නැවත ඇරඹේ

සතියකට වැඩි කාලයකට පෙර මොරොක්කෝවට බලපෑ මාරාන්තික භූමිකම්පාවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ නගර සහ ගම් ගණනාවක ළමුන් නැවත පාසැල් වෙත පැමිණ ඇති බව එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා

ඉහළ ඇට්ලස් කඳුකරයේ Amizmiz සහ Asni නගරවල සහ නිරිතදිගින් Taroudant පළාතේ සමහර ගම්වල ඊයේ (18) දිනයේ පාසැල් නැවත ආරම්භ වූ බවයි පැවසෙන්නේ

ඉගැන්වීම් කටයුතු සඳහා අවශ්‍ය පන්ති සඳහා සැපයුම් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලින් සමන්විත විශේෂ කූඩාරම් 150ක් පිහිටුවා ඇති බව පළාත් පාලන ආයතන සඳහන් කරනවා

මේ අතර වැඩිපුරම බලපෑමට ලක් වූ නගර සභා හයේ පාසල්වලට ඇතුළත් කර ඇති සිසුන් 6,000 ක් පමණ අසල පිහිටි මරකේෂ් නගරයේ පාසල් වෙත බස්රථවලින් යවන බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This