මොස්කව්හි ගොඩනැගිල්ලකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක්

මොස්කව්හි ගොඩනැගිල්ලකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක්

මධ්‍යමමොස්කව්හි ගොඩනැගිල්ලකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව රුසියානු බලධාරීහු පවසනවා

නගරාධිපති Sergei Sobyanin පැවසුවේ නගරයේ එක්ස්පෝ මධ්‍යස්ථානයට මෙම ප්‍රහාරය එල්ලවීමත් සමග ගුවන් ආරක්ෂකයින් ඩ්‍රෝන යානය බිම හෙළූ බවයි.

යුක්‍රේනයෙන් මේ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් පළ කර නැති බවද සඳහන් වනවා

ප්‍රහාරය එරට වේලාවෙන් සවස 04:00 ට පමණ එල්ලවූ බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙන්නේ

නගරයේ ගුවන් ආරක්ෂක පද්ධති සක්‍රිය කිරීමෙන් පසුව ඩ්‍රෝන යානය එහි පියාසැරි මාර්ගය වෙනස් කර රජයේ ගොඩනැගිලි ගණනාවක් තිබෙන Krasnopresnenskaya ප්‍රදේශයට ප්‍රහාරය එල්ල කිරීමට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ

Share This