
මෝටර් රථයක් පිළියන්දල දී පෙරළී වෛද්‍යවරයෙක් රෝහලට CCTV VIDEO)
වෛද්‍යවරයෙකු පැදවූ මෝටර් රථයක් පිළියන්දල, ජාලියගොඩ ප්‍රදේශයේදී පෙරළී යාමෙන් වෛද්‍යවරයා රෝහල් ගත කර තිබෙනවා.
සිදුවූ අනතුරින් වෙළඳසැල් දෙකක ඉදිරිපස කොටසට බරපතල හානි සිදුවී තිබුණා.
වෛද්‍යවරයා පිළියන්දල දෙස සිට කොළඹ දෙසට මෝටර් රථය ධාවනය කිරීමේදී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසැල් දෙක ඉදිරිපස කොටසේ ගැටී පෙරළි මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සඳහන් කළා.
වෛද්‍යවරයා රෝහල් ගත කර ඇත්තේ එම අවස්ථාවේදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන්.