මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර කොමසාරිස්වරියක ඇතුලු 03 ක් අත් අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර කොමසාරිස්වරියක ඇතුලු 03 ක් අත් අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීික ආකාරයෙන් ලියාපදංචි වූ වාහන සම්බන්ධව සිස්දු කෙරෙන විමර්ශනයක් යටතේ GS-9164 දරන වාහනය අනීිතික
ආකාරයට ලියාපදංචි කිරීමට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තවේන්තුවේ නිලධාරීන් තිදෙනකු අද(14) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර කොමසාරිස් සූරියා ප්‍රියංගනී සිරිමාන්න, එම දෙපාර්තමේන්තුවේ සංවර්ධන සහකාර අබේසිංහ ආරච්චිගේ සංජීව කුමාර, සහ විමර්ශන අංශයේ අධීක්ෂණ නිලධාරී හේරත් පතිරන්නැහැලාගෙ ඉන්දික ලක්ෂ්මන් හේරත් යන අයයි.

පළමු සැකකාරිය අදාල වාහනය නීත්‍යානුකූල නොවන පැවරීමක් සිදුකිරීම සදහා අනුමැතිය ලබාදීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල වාහනය සම්බන්ධයෙන් අනීතික ලෙස මුල් පැවරීම සිදුකිරීම දෙවන සැකකරුට ඇති චෝදනාවයි.

අදාල වාහනය අනීතිකව පැවරීමක් සිදු කිරීම සදහා නි‍ර්දේශ ලබාදීම තුන්වැනි සැකකරුට අති චෝදනාව වනවා.

මෙම සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This