මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන නිවේදනයක්

මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන නිවේදනයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන අප්‍රේල් 04 වැනිදා සිට 06 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසනවා

මෙම සංචාරයේදී, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂිතයි

ඔවුන් මෙරට රැඳීසිටින කාලයේදී අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්නේ වැඳපුදා ගැනීමට සහ ඉන්දීය රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමට නියමිත බව සඳහන්

එමෙන්ම මෙම සංචාරය තුළදී දෙරට අතර අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කරගැනීමට ද නියමිතව තිබෙනවා

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග මෙම සංචාරය සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා, ජාතික ආරක්ෂක උපදේශකවරයා, ඉන්දීය විදේශ ලේකම්වරයා සහ ඉන්දීය රජයේ තවත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගීවීමට නියමිත බවයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පැවසුවේ

 

Share This