මෝදි අප්‍රේල් මස මුල දිවයිනට

මෝදි අප්‍රේල් මස මුල දිවයිනට

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එළඹෙන අප්‍රේල් මස මුලදී මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා

අද(15) පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේදී , විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා

එම සංචාරයේදී දෙරට අතර නව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත අතර සාම්පූර් සූරය බල ව්‍යාපෘතිය විවෘත කරන බවත්, මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය සංඥා පද්ධතිය විවෘත කිරීමට නියමිත බවද අමාත්‍යවරයා එහිදී පැවසුවා

ජනපතිගේ පසුගිය ඉන්දීය නිල සංචාරයෙන් එම වාසි මෙරටට ලැබුණ බවත් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණි පසු නිල වශයෙන් එම විවෘතකිරීම් සිදු කිරීමටයි නියමිතව ඇත්තේ

එමෙන්ම වතු කරයේ ජනතාව සඳහා නිවාස ව්‍යාපෘති සඳහා තවත් අධාර ලැබුණු බවත් , මෙම කෙටි කාලය තුළ එම සහයෝගය ඉන්දියානු රජයෙන් ලැබුණු බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා

Share This